දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ සුභ සාධක සංගමයේ ව්‍යවස්ථාව

1. නිළ නාමය :- දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයීය සුභ සාධක සංගමය

2. ලිපිනය :- 5 වන මහල , දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය , දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල , ගාල්ල.

3. අරමුණ හා පරමාර්ථය :-

I. සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සුභ සාධන අවශ්‍යතාවයන් සපුරාලීම.
II. සාමාජිකයන් අතර අනෝන්‍ය සුහදතාව වර්ධනය කිරීම ඒ සඳහා අවශ්‍යවන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම.
III. සංගමයේ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට සාමාජික ඡන්දය අනුමත වන ව්‍යවසායන් ක්‍රියාත්මක කිරීම.
IV. සාමාජිකයන්ගේ දැනුම , කුසලතා , ආකල්ප වර්ධනය කිරීමට අදාළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම.

4. සාමාජිකත්වය :-

I. දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ දැනට සිටින සියලුම නිළධාරී සේවක මහත්ම මහත්මීන් සාමාජිකත්වය ලැබීම සඳහා සුදුසුකම් ලබති.
II. ඉදිරියේදී අලුතින් පැමිණෙන අය සාමාජිකත්වය ලැබීමට හිමිකම් ලද දිනය ලෙස ගැනෙනුයේ එසේ පැමිණි මාසයෙන් පසුව එළඹෙන මාසයේ පළමුවන දිනයේ සිට වේ.
III. සියලුම ප්‍රතිලාභ ලැබීමට හිමිකම් ලැබෙන්යේ සාමාජිකත්වය ලැබූ මාසයේ පළමුවන දිනයේ සිට වේ.
IV. සාමාජිකත්වය අහිමිවන විටදී හා සමිතියෙන් ඉල්ලා අස්වන විටදී එම සාමාජිකයා සමිතිය වෙත ගෙවන ලද කිසිඳු මුදලක් නැවත ආපසු ගෙවනු නොලැබේ.

5. සාමාජික පවුල් ඒකකය :-

I. සාමාජිකයා / සාමාජිකාව
II. කලත්‍රයා
III. අවිවාහක දූ පුතුන්
IV. සාමාජිකයා / සාමාජිකාවගේ දෙමව්පියන්
V. කලත්‍රයාගේ දෙමාපියන්

6. සාමාජික වගකීම් :-

I. සෑම සාමාජිකයෙක්ම සමිතියේ ව්‍යවස්ථාව පිළිපැදිය යුතුය.
II. සෑම සභා වාරයකටම සහභාගී වී අදහස් හා යෝජනා ඉදිරිපත් තළ යුතුය.
III. මහා සභාවේ වැඩි කැමැත්තකින් ස්ථිර වන යෝජනා වලට අනුකූලතාවය දක්වමින් ඒවා ක්‍රියාත්මක කිරීමට සහයෝගය දිය යුතුය.
IV. සාමාජික මුදල් සෑම මසකම සංගමයට ලැබීමට සැලැස්විය යුතුය.
V. සංගමයේ මුදල් අවංකව පරිහරණය කළ යුතුය.
VI. සංගමයේ සුභ සිද්ධිය හා දියුණුව සඳහා සෑම අයුරකින්ම ආධාර උපකාර කළ යුතුය.

7. ප්‍රතිලාභ :-

I. සාමාජිකයාගේ අභාවයකදී - රු.10,000/-
II. කලත්‍රයා ඇතුළු සාමාජික පවුල් ඒකකයේ සෙසු සාමාජිකයෙකුගේ අභාවයකදී රු.10,000/-
III. සාමාජිකයාගේ විවාහයට රු.5,000/-
IV. සාමාජිකයාගේ ස්ථාන මාරුවකදී - ත්‍යාග සඳහා රු.500 සිට 2,500 දක්වා - සංග්‍රහ සඳහා රු.5,000/-
V. සමාජිකයාගේ විශ්‍රාම යාමකදී - ත්‍යාග සඳහා රු.1,000 සිට 5,000 දක්වා - සංග්‍රහ සඳහා රු.5,000/-
VI. අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත් මෙම කාර්යාලයේ සුභ සාධක සංගමයේ සාමාජිකයෙකුගේ දරුවෙකුට - රු.6,000/-
VII. අ.පො.ස.(සා.පෙළ) විභාගයේදී පළමු වර විභාගයට පෙනී සිට විශිෂ්ඨ සාමාර්ථ 5 කට වඩා ලබාගෙන උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන දරුවන්ට - රු.4,000/-
VIII. පස්වන වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සාමාජිකයෙක්ගේ දරුවෙකු සඳහා - රු.2,500/-
IX. සුභ සාධක සංගමය මඟින් ණය පහසුකම් සාමාජිකයන්ට දිය හැකි අතර ණය ලබාදීම සඳහා පහත කරුණු අනුගමනය කළ යුතුය.(මෙම ණය පහසුකම ලබා දිය හැක්කේ සුභ සාධක සංගමයේ අරමුදලේ තිබෙන මුදල් ප්‍රමාණය අනුවය.)

• ණය ලබාදීමේදී අදාළ සාමාජිකයන්ගේ වැටුපෙන් 40% සීමාව තුළ ණය ලබා දිය යුතුය.
• රු.10,000/= ක ණය මුදලක් ලබා ගත හැක.
• රු.10,000/= ණය මුදල රු. රු.1,000බැගින් වාරික 11 ක් අය කරනු ලැබේ.

ස්ථාන මාරුවකදී හා නිළධාරියකු විශ්‍රාම යාමකදී සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් කාර්යාලයේ සුභ පැතීමේ උත්සවයක් පැවතිය යුතු අතර එහිදී සංග්‍රහ වියදම් සඳහා උපරිමයකට යටත්ව රු.5,000/- ක මුදලක් වැය කල හැක.

ස්ථාන මාරු ලැබූ නිළධාරියෙක්ගේ සාමාජිකත්වය වර්ෂයකට අඩු නම් රු.500/-කට නොවැඩි ත්‍යාගයක්ද , ඊට අමතරව වර්ෂයකට වැඩි අයට සාමාජිකත්වය ලැබූ වර්ෂයකට රු.500/- බැගින් උපරිමය රු.2,500/- ක නොඉක්මවන ත්‍යාගයක්ද පිරිනැමිය යුතුය.

විශ්‍රාම යාමකදී සාමාජිකත්වය වර්ෂයකට අඩු නම් රු.1,000/-ක ත්‍යාගයක්ද ඊට අමතරව වර්ෂයකට වැඩි සාමාජිකත්වය ලැබූ අයට වර්ෂයකට රු.500/- උපරිමය රු.5,000/- ක නොඉක්මවන ත්‍යාගයක් පිරිනැමිය යුතුය.

සාමාජික ප්‍රතිලාභ හා වරප්‍රසාද හිමිකර දීමේදී සංගමයට මුදල් දුෂ්කරතාවයන් උද්ගත වුවහොත් එය අවස්ථාවනුකූලව සංගමයේ සාමාජිකයන්ගෙන් එකතුකර ගැනීමට කටයුතු කළ යුතුය.

8. සාමාජිකත්වය අහෝසි කිරීම :-

I. ස්ථාන මාරු වී යාම
II. අඛණ්ඩව වසර 3 ක් සභා රැස්වීමට සහභාගී නොවීම.
III. සංගමයේ ගෞරවයට හා විශ්වාසවන්තභාවයට හානි වන අයුරින් ක්‍රියා කිරීම.
IV. ඉහතින් සඳහන් 3,4,5 අවස්ථා වලදී සාමාජිකත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණය මහ සභාව සතු වන්නේය.

9. සාමාජික මුදල් :-

I. සෑම සාමාජිකයෙකු විසින් මාසිකව රු.400/- ක් සාමාජික මුදල් ලෙස ගෙවිය යුතුය.
II. නව සාමාජිකයන් විසින් ද සාමාජිකත්වය ලැබීමට හිමිකම් ලද දිනෙන් පසුව එළඹෙන මාසයේ සිය මාසිකව සාමාජික මුදල් ගෙවිය යුතුය.
III. ඇතුළත් වීමේ ගාස්තුව රු.200/- කි.

10. නිළධාරි මණ්ඩලය :-

I. සභාපති , ලේකම් , උප සභපති , උප ලේකම් , භාණ්ඩාගාරික හා කාරක සභාවට 6 දෙනෙක් ඇතුළත් විය යුතුය.
II. සාමාජිකයින් අතරින් එක් අයෙකු ගිණුම් පරීක්ෂක ලෙස පත් කර ගත යුතුය.
III. සාමාජිකයන් අතුරින් කෙනෙකු අනුශාසනා ලෙස පත් කර ගත යුතුය.

11. නිළධාරී මණ්ඩලයේ වගකීම් :-

I. සභාපති විසින් සියලුම මහා සභා වාර වලදී මුලසුන ගෙන සභාව මෙහෙය වීම හා සමිතියේ කාර්යයන් විධිමත්ව ක්‍රියාත්මක කළ යුතුය. සභාපති නොමැති විටදී උප සභාපති විසින් එම කරුණු ඉටු කළ යුතුය.
II. ලේකම් විසින් රැස්වීම් කැඳවීම , ඒවායේ වාර්තා පවත්වාගෙන යාම ඇතුළු සමිතියේ සියලුම කටයුතු සිදු කළ යුතුය.
III. භාණ්ඩාගාරික විසින් මුදල් අය කිරීම බැංකුවේ තැන්පත් කිරීම , වියදම් කිරීම , ඒවා පිළිබඳ ලේඛන පැවැත්වීම හා සෑම මහා සභා වාරයකදීම අය වැය ඉදිරිපත් කිරීම කළ යුතුය.
IV. කාරක සභා සාමාජිකයන් විසින් සෑම කාරක සභා රැස්වීමකට සහභාගී වීම , අවශ්‍ය තීරණ ගැනීම කළ යුතුය.
V. ගිණුම් පරීක්ෂක විසින් තැන්පත් කිරීම , ගෙවීම , පොත් පත් පවත්වාගෙන යාම ඇතුළු සමිතියේ මුදල් පිළිබඳ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බලා සභාවට වාර්ථා කිරීම සිදු කළ යුතුය.

12. රැස්වීම :-

I. සෑම මසකටම වරක් සමිතිය රැස් විය යුතුය.
II. සෑම වසරකම ජනවාරි මස තුළ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විය යුතුය.
III. සභාපති විසින් තීරණය කරන පරිදි කාරක සභා රැස්වීම පැවැත්විය යුතුය.
IV. සාමාජිකයන්ගේ 1/3 විය යුතුය.
V. ඝණ පූරණය සමස්ථ සාමාජික සංඛ්‍යාවෙන් 1/3 විය යුතුය.
VI. ගිණුම් වර්ෂය සෑම වසරකම ජනවාරි මස 01 සිට දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සංගමයේ ගිණුම් වර්ෂය ලෙස ද සැලකිය යුතුය.

13. අරමුදල් පරිහරණය පිළිබඳ විධි විධාන :-

I. සංගමයේ සියලුම අරමුදල් භාණ්ඩාගාරික විසින් එකතු කළ යුතුය.
II. සියලු ලැබීම් සඳහා රිසිට් පතක් නිකුත් කළ යුතුය.
III. සියලුම ගෙවීම් සඳහා වවුචර භාවිතා කළ යුතුය.
IV. භාණ්ඩාගාරික අත තබා ගත හැකි උපරිම මුදල රු.5,000/- ක්
V. සියලුම මුදල් සංගමය විසින් තීරණය කරන බැංකු ගිණුමක තැන්පත් කළ යුතුය.
VI. භාණ්ඩාගාරික විසින් සුදුසු ගිණුම් පොත් පත් හා වාර්ථා තබා ගත යුතුය.
VII. වාර්ෂික මහා සභා රැස්වීමේදී විගණනය කරන ලද අවසාන ගිණුම් වාර්තාවන් සාමාජිකයින් වෙත සැපයිය යුතුය.

14. ව්‍යවස්ථා සංශෝධනය :-

I. වාර්ෂික මහා සභා රැස්වීමකදී කරනු ලබන යෝජනා ස්ථිරවීමකින් පසු මහා සභා රැස්වීමට පැමිණ සිටින සාමාජිකයන්ගෙන් 2/3 අනුමැතිය ඇතිව ව්‍යවස්ථා සංශෝධනය කළ හැක.
II. ව්‍යවස්ථා අර්ථ නිරූපණය පිළිබඳව ඇති වන යම් ගැටලුවකදී සංගමයේ කාරක සභාවේ තීරණය නීත්‍යානුකූල හා අවසාන තීරණය වන්නේය.

15. සංගමය විසුරුවා හැරීම :-
මෙම කරුණු රැස් කරනු ලබන විශේෂ මහා සභා රැස්වීමකදී පැමිණ සිටින සාමාජිකයන්ගේ 2/3 කගේ කැමැත්ත ලබා සභා සම්මත කරනු ලබන යෝජනාවකින් අනතුරුව සංගමය විසුරුවා හැරිය හැක. සංගමය වෙනුවෙන් ගෙවිය යුතු සියලුම නීත්‍යානුකූල සියලු ණය හා බැරකම් පියවීමෙන් අනතුරුව ඉතිරිවන යම් මුදලක් හේ බඩු බහිරාදිය එකී සභා තීරණය පරිදි පොදු කටයුත්තකට යෙදිය යුතුයි.
සටහන - සංගමයේ කටයුතු කිරීම වෙනුවෙන් නිළධාරීන්ට කිසිඳු දීමනාවක් නොගෙවන අතර ම හුදෙක් ස්වේච්ඡා පදනමක් මත ක්‍රියාත්මක වනු ඇත.

• 2017.05.03 පැවති මහ සභා රැස්වීමේදී සාමාජිකයන්ගේ 2/3 ක අනුමැතිය ඇතිව ව්‍යයස්ථාව සංශෝධනය කරන ලදී.